Underwater Temple in Indonesia  (ඉන්දුනීසියාවේ මුහුද යට පන්සල)



මුහුද යට පන්සල
 (Underwater Temple) 


ලොව විශාලතම මුස්ලිම් රාජ්‍යයක් වන ඉන්දුනීසියාව සෑම වසරකම දෙස් විදෙස් ආකර්ශණය නොවඩුවම ලැබෙන රටක් විදහට හඳුන්වන්න පුළුවන්. පෙරදී බොහෝ වශයෙන් බෞද්ධයින් විසූ රටක් ලෙස ඉන්දුනීසියාව සැලකෙන අතර ලොව විශාලතම බෞද්ධ පන්සලක් වන “බෝරෝ බුදුර්” ඉන්දුනීසියාවේ ජාවා දූපත් වල පිහිටා තියෙනවා. ඉතින් මෙවැනි සංචාර ආකර්ශණය වැඩි වශයෙන් ලබා ගත හැකි ස්ථාන අතර එක්තරා සුවිශේෂී ස්ථානයක් තිබෙනවා. ඒ තමයි ඉන්දුනීසියාවේ පිහිටා ඇති මුහුද යට තිබෙන ඉතාම ආකර්ශණීය පන්සල එහෙම නැත්නම් "The Temple Garden". 


ඉන්දුනීසියාව පිහිටා ඇති සංචාකරයින්ගේ සිත් දැඩි ලෙස සොරා ගන්නා කලාපයක් ලෙස බාලි දූපත් සමූහය හඳුන්වන්න පුළුවන්. උතුරු මුහුදුබඩ කළාපයේ  පිහිටා ඇති "බාලි” දූපත්වල ඇති පෙමුටෙරාන් බොක්ක (Pemuteran Bay) අසල මුහුද යට තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ.  ඒ වගේම මෙය කොරල්පර ආරක්ෂා කර ගැනීමේ පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසත් සංචාරක ආකර්ශණය වැඩි වශයෙන් ලබා ගැනීමටත් නිර්මාණය කර තිබෙන බවයි එරට විද්වත් මතය වෙන්නේ. 


මේ මුහුද යට පන්සල (The Temple Garde) බැලූ බැල්මට පෙනෙන්නේ ඉතා පැරණි නටඹුන් වුණු පුරාවිද්‍යාඥයන් විසින් අනාවරණය කරගත්  පන්සලක් වගේ නේද? ඔව්, බලද්දී නම් අපිට පෙනෙන්නේ එහෙම තමයි. ඒත් මේ ස්ථානය හදලා තියෙනවා කියලා කියන්නේ නම් 2006දී, ඒ කියන්නේ මෙය හරිම මෑතකදී නිර්මාණය කළ පන්සලක්.  මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මේ පේන්න තියෙන පිළිම නෙළද්දී  ඉතාමත් පැරණි පෙනුමක් එන විදිහට තමයි මූර්ති ශිල්පීන් විසින් මෙය නිර්මාණය කර තිබෙන්නේ. මෙහි මීටර් 15 - 30 අතර ගැඹුරට කිමිදුනාම තමයිලු  මුහුද යට ඉදි කර ඇති පන්සලේ ප්‍රතිමා දැක ගන්නට ලැබෙන්නේ.


නමුත් 2010 වසරේදී බොහොම ආන්දෝලනයක් ඇති කරමින් අන්තර්ජාලය පුරා පැතිරුණු මෙම ස්ථානයේ පින්තූරයක් සමඟින් මෙය ගැන වැඩි කතා බහක් ඇති වී තිබුණා. මේ ආශ්‍රිතව තවත් අවුරුදු ගණනාවකට පැරැණි බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් සොයා ගෙන ඇති අතර සමහරු කියා සිටියේ බාලි සහ ජාවා අතර සමුද්‍ර සන්ධියේ මෙවැනි තවත් විහාරස්ථාන 10 ක නටඹුන් සොයා ගත හැකි බවයි.  ඒත් මේ ස්ථානය නිර්මාණය කර තිබෙනවයි කියන්නෙ 2006දී. ඒ කාරණාවත් ටිකක් පුදුම සහගතයි. මොකද නුතන අනාවරණයන් වලට අනුව නම් මීට කළින් ඉදන් මෙවැනි නටඹුන් ඒ ආශ්‍රිත ගැඹුරු මුහුදු පතුලේ තිබිලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ ඒ ගැන. ඒ ගැන ටිකක් ගැඹුරින් හිතන්න ඔයාලට බාරයි.තවද සමහර විද්‍යාඥයන් පවසන්නේ මෙය ප්ලේටෝ නම් මහා දාර්ශනිකයා අවුරුදු ගණනාවකට පෙර මුහුදට ගිලී ගියා යැයි සඳහන් කළ අතිශය දියුණු රාජ්‍යක් වන ඇට්ලාන්ටිස් පුරවරයේ  ‘නැගෙනහිර ඇට්ලන්ටිසය’ මේ ආශ්‍රිතය බවයි.