🍅 පීසා පිළිබඳව ඔබ නොදත් විශ්මයජනක කරුණු 🍅
🍕 පසා හි ආරම්භය සිදුවී ඇත්තේ ඉතාලියෙන් බව පැවසුවත් ඇත්ත වශයෙන්ම ග්‍රීකයන් හා ඊජිප්තුවන් විසින්ද ඔලිව් හා කුළුබඩු මුසුකරගත් පැතලි පාන් මෙන් සැකසූ පීසා ආහාරයට ගෙන ඇත.
🍕 18 වන සියවසේදී තක්කාලි වලින් සරසා තිබුණු පීසා ඉතාලියේ නේපල්ස් හි ආරම්භ විය.
🍕 ලොව මිල අධිකම පීසා ඉතාලියෙහි ඇත. එහි මිල ඩොලර් 12,000 කි. මෙය සාමාන්‍ය පීසා එකක් නොවේ මෙහිදී පීසා පිළියෙල කරන කෝකියා ඔබේ නිවසේ මුළුතැන්ගෙයි සිට මෙම පීසා පිළියෙල කරයි.
🍕 ඔක්තෝම්බර් යනු ජාතික පීසා මාසයයි. මෙය නිර්මාණය කළේ 1984 ඔක්තෝබර් මාසයේ "Pizza today" සඟරාවේ ප්‍රකාශකයා විසිනි.
🍕 ඔබ දන්නවාද පීසා තේමාව යොදාගෙන 2011 දී "Pizza man" චිත්‍රපටිය නිර්මාණය වී ඇත. ජානමය වශයෙන් වෙනස් කළ තක්කාලි අනුභව කිරීමෙන් සුපිරි බලතල ලබා ගන්නා පීසා බෙදාහරින්නෙක් පිළිබඳව ඉන් කියැවේ.
🍕 පලඩෙල්පියා හි "Pizza brain" පීසා කෞතුකාගාරයක් ඇති අතර එය ලොව විශාලතම පිරිස මතක සටහන් එකතුවකි. මෙම එකතුව 2011 දී ලොව විශාලතම පීසා ආශ්‍රිත අයිතම එකතුව ලෙස ගිනස් වාර්තා පොතට එක්විය.


0 Comments